ඔමික්‍රෝන් ආසාදිතයින් දින 3ක් තුළ තෙගුණ වෙයි

Picture of අසංක

අසංක

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 89 කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සමාජ ආශ්‍රිත ආසාදනය පවතින ප්‍රදේශවල ඔමික්‍රොන් ආසාදිතයින් දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළ දෙගුණ වන බව එම සංවිධානය සඳහන් කරයි.

ඔමික්‍රොන් ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවන්නේ එන්නත් මගහැරීමේ හැකියාව සහ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව යන කරුණු දෙකේම ප්‍රතිඵලයක් නිසා විය හැකි බවට ඔවුහු අනුමාන කරති.

කෙසේ නමුත් ඔමික්‍රොන් ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳ සායනික දත්ත තවමත් සීමිත ය.

එන්නත්කරණයෙන් සහ කළින් රෝගය ආසාදනය වීම නිසා ඇතිවන ප්‍රතිශක්තිය ඔමික්‍රොන් ආසාදිතයින් අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේදැයි යන්න නිගමනය කිරීම සඳහා තවත් දත්ත අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.