පාස්කු ප්‍රහාරකයින් සොයා ජම්මූ කාශ්මීර පොලිසිය මෙහෙයුමක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්භන්ධ බෝම්බකරුවන් ප්‍රහාරයට පෙර ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයටද පැමිණ ඇත්දැයි සොයා බැලීම සඳහා ජම්මු – කාශ්මීර පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම ත්‍රස්තවාදීන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර හා ලියකියවිලි භාවිතා කරමින් කාශ්මීරයට ඇතුළුවී ඇත්දැයි විශේෂයෙන් සොයාබැලෙන බවත් ජම්මු කාශ්මීර පොලිස් ප්‍රධානි ගිල්බඩ් සිං මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙහිදී පසුගිය 2018 වසරේ සිට ප්‍රහාරය සිදුවූ පාස්කු ඉරිදාව දක්වාම කාශ්මීරයට ඇතුළුවූ විදේශිකයන් පිලිබඳ තොරතුරු විමර්ශනය කරන බවද , මෙම විමර්ශන සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙතින්ද තොරතුරු ලබාගැනීමට සැලසුම් කර ඇති බවද ගිල්බඩ් සිං මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්භන්ධ සැකකරුවන් , ප්‍රහාරයට පෙර කාශ්මීරයට හා බැන්ගලෝරයටද ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන්නේයැයි මෙරට ආරක්ෂක අංශ මීට පෙර ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය වෙත සඳහන් කර තිබිණ