ණය ගෙවන්න සහන කාලයක් දෙන්න – කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මෙරට ව්‍යාපාරිකයින්ගේ ණය ගෙවීම සඳහා පොළියක් නොමැතිව වසරක සහන කාලයක් ලබා දෙනලෙස කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මේ වන විට රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකයත් ඛේදනීය ලෙස පහළ වැටී ඇති බවත්, පවතින වාතාවරණය තුළ ව්‍යාපාරිකයින්, ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳව අවිනිශ්චිතතාවකට පත්වී ඇති බවත් කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා The Colombo Express වෙත පැවසීය .

ඒ අනුව, ව්‍යාපාරිකයින්ගේ ණය ගෙවීම සඳහා පොළියක් නොමැතිව වසරක සහන කාලයක් ලබා දෙන ලෙස වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සම්දහන් කළේය.

“මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය,

ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පාර්ශවයකගෙන් මේ වන තෙක් විසඳුම්, වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. කොළඹ ව්‍යාපාරික ප්‍රජාව විදියට රජයට කෙටුම්පතක් යෝජනා කළා. දැනට රට තුළ සියලුම ව්‍යාපාරිකයින්ට ආර්ථික වශයෙන් එල්ල වී ඇති කරුණු 12 ක් සඳහන් කර තියෙනවා. ඒ සඳහා යෝජනාත් ඉදිරිපත් කර තිබෙනවා.“

මේ වන විට ව්‍යාපාරිකයින් අරගෙන තියෙන ණය වාරික සඳහා, වාහනවල ලීසිං වාරික සඳහා, අපිට අතිරේක කාලයක් දෙන්න, ව්‍යාපාර නැවත තිබුණ තත්ත්වයට ගන්න නම් වසරකවත් කාලයක් ගතවෙයි කියලා හිතනවා. අපි යෝජනා කරනවා ණය ගෙවීම සඳහා පොළියක් නොමැතිව වසරක grace period එකක් ලබා දෙන්න. එසේ නැතහොත් අප සමඟ සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් කාලයක් රජය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“