නවතම පුවත්

රුසියාවේ පැරණිතම මානව හිමිකම් සංවිධානය වසා දැමේ

අසංක

අසංක

රුසියාවේ ක්‍රියාත්මක වූ එරට පැරණිතම මානව හිමිකම් සංවිධානය වන Memorial International විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

විදේශීය නියෝජිතයින් සම්බන්ධයෙන් වන නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර ඇත.

විවේචකයින් පැවසුවේ මෙම පියවර දේශපාලනික බලපෑමක් සහිත තීරණයක් බව ය.

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විරුද්ධ කණ්ඩායම් සහ විසම්මුතිය මර්දනය කරන විට සෝවියට් යුගයේ මර්දනය පිළිබඳ ආලෝකයක් ගෙනඒමට කණ්ඩායම ගත් සුවිශේෂී උත්සාහයට පළිගැනීමක් බවත්ය.

මෙම සංවිධානය 1980 ගණන්වල අගභාගයේදී, සෝවියට් සංගමය බිඳවැටීමට බොහෝ කලකට පෙර ආරම්භ කරන ලදී.

එය රුසියාවේ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානය ලෙස සැලකේ.

“මෙම මානව හිමිකම් සංවිධානය වසා දැමීමට සැබෑ හේතුව නම්, සෝවියට් ත්‍රස්තවාදයේ වින්දිතයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩවලට නීතිපති කාර්යාලය අකමැති වීමයි” යනුවෙන් Memorial International හි නීතිඥ තතියානා ග්ලස්කෝවා පවසා තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම තීන්දුව “හදවත කම්පා කරවනසුලු” එකක් බව පවසමින් ලෙස හෙලා දුටුවේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි