ජනපති-ගෝඨා ඝාතන තැත ගැන මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් නැමැත්තන්ගේ ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද දැනුම් දුන්නේ ය.

මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.