ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ “ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්” නමින් එම සමාගම පිහිටුවිමට නියමිතය.
ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව නව සමාගම පිහිට වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.
එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වෙන බවයි.
එය ඵලදායිව අවසන් කර ලක් රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන Trinco Petroleum Terminal Ltd සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිතයි.
එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශ්වාසය පළ කළේ ය.