බැසිල් යළි පැමිණේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාවට ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යළි  දිවයිනට පැමිණ ඇත

අද (01) උදෑසන ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තාවේ .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනිම සඳහා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවද වාර්තාවන අතරමුදල් බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස 15 වනදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.