“මම අගමැතිකමින් ඉවත් වෙන්නේ නෑ” – අගමැති මහින්ද රාජපක්ෂ

Picture of අසංක

අසංක

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද (03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය.