රටේ ප්‍රගමනයට දායකවූ, වසරේ විශිෂ්ඨතම කාන්තාවන් දස දෙනා මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ  දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් ඇගයීම සඳහා පැවති Wise Woman ජාතික වැඩසටහන අද  (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් 10දෙනෙකු එහිදී ජනපති අතින් සම්මාන ලබාගත්හ .

කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණ විය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.

ඒ අනුව මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයා අතින් විශිෂ්ඨ කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.

එහිදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය මෙසේ පැවසීය

“අපේ රටේ කාන්තාව සවිබල ගැන්වූ විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ වුවද දෙවැනි වන්නට ඉඩක් නෑ.මහ පොළොවෙන් සොයාගත් මැණිකකට වඩා ඔප දැමිය හැකි, කවදා ලැබේදැයි නොදන්නා තෙල් ආකරවලට වඩා වටිනාකමක් ඇති කාන්තා ශ්‍රම බලකායක් අප රට සතුවනවා. ඔවුන් හඳුනාගෙන ඔප දැමූ දවසට මෙවැනි වසංගත කාලයක වුව ද නැඟී සිටීමේ ශක්තිය අප සතු වනවා.”