නවතම පුවත්

ඩෙන්මාර්කය “හරිත” ආර්ථිකයකට යොමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 2030 වනවිට, අභ්‍යන්තර ගුවන් ගමන් සියල්ල පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, කාබන් විමෝචනය සියයට 70 කින් කපා හැරීමට බලාපොරොත්තු වන බවත් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය සිය අලුත් අවුරුදු පණිවුඩය හරහා එරට ජනතාවට පවසා තිබේ.

ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩරික්සන් උත්සාහ ගන්නේ හරිත ආර්ථිකයක් කරා යෑමටය. එහි පළමු පියවර ලෙස, එරට අභ්‍යන්තර ගුවන් යානා පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව සිදුවනු ඇති බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.

‘හරිත ආර්ථිකයක් ඇති කිරීම පහසු නැහැ. ඒක අභියෝගයක්. ඒත් අප ගුවන් අභ්‍යන්තර ගුවන් සමාගම් ඒ අභියෝගයට මුහුණ දී ජයගන්න සූදානම් වෙනවා. ඒක සතුටට කරුණක්. අපට ඒ අභියෝගය ජය ගැනීමට හැකි වේවි’ යැයි අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ඩෙන්මාර්කය ස්කැන්ඩිනේවියානු රටකි. මේ වනවිට ස්කැන්ඩිනේවියානු රටවල් බොහොයක් ද හරිත ආර්ථියක් කරා යෑමේ වැඩපිළිවෙළ රැසක් මේ වනවිට ආරම්භ කර තිබේ.

ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය පවසා ඇත්තේ 2045 වසර වනවිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් පමණක් නොව, ජාත්‍යන්තර ගුවන් ගමන් ද පොසිල ඉන්ධනවලින් තොරව සිදු කිරීමට අපේක්ෂා කරන බවය.

මේ අතර, ලෝ සුපතල ‘එයාර්බස්’ ගුවන් සමාගම ද හයිඩ්‍රජන්වලින් පණ ගැන්වෙන ගුවන් යානා නිපදවීම කෙරෙහි යොමු වී ඇත. වසර 2035 වෙද්දී එය යථාර්ථයක් වනු ඇතැයි ‘එයාර්බස්’ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘එයාර්බස්’ යනු ලොව ප්‍රකට, යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්