ඇතැම් පාර්ශව එන්නත්කරණයට කඩාකප්පල් කිරීමේ වෑයමක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී
එවැනි පිරිස්වලට එරෙහිව නිරෝධායන පනත යටතේ ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම සංගමය ඉල්ලීමක් කර ඇත
අපේක්ෂා කළ අයුරින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගවත් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි .
මේ දක්වා ලක්ෂ 41 ක පමණ පිරිසක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
මිලියන 10 ඉක්මවූ පිරිසක් ඉදිරියේදී එම මාත්‍රාව ලබාගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය