ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත
මෙම දෙමුහුන් ප්‍රභේදය “ඩෙල්ටක්‍රෝන්’ (‘Deltacron) ලෙස නම් තබා ඇති අතර එම ආසාදිතයින් පළමු වරට හඳුනා ගෙන ඇත්තේ සයිප්‍රසයෙන්ය .
සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලියොනිඩෝස් කොස්ට්‍රිකිස් පැවසුවේ මෙම දෙමුහුන් වික්‍රියාවේ ජාන ව්‍යුහය ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන බවත් එහි ජෙනෝම ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වන බවය.
කොවිඩ් ආසාදනයකදී සාමාන්‍යයෙන් රෝගියෙකුගේ සිරුරට ඇතුළත් වන්නේ එක් ප්‍රභේදයක් වුවත් මෙය අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් බවයි විද්‍යාඥයින් පවසන්නේ. එමෙන්ම මෙම දෙමුහුන් වෛරස් වික්‍රියාව හරහා DNA හුවමාරුවීමක් වීමෙන් ඉදිරියේදී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.
දැනට වාර්තා වන දෙමුහුන් ‘ඩෙල්ටක්‍රෝන්’ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනා ගෙන් 14 දෙනෙකු මේ වන විටත් කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින පුද්ගලයින් වන බවත් සෙසු 11 දෙනා සමාජයෙන් හමුවූ ආසාදිතයින් බවයි සයිප්‍රස් වෛද්‍ය පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.
සයිප්‍රස් විද්‍යාඥයින් විසින් සිය නව සොයා ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු ජාත්‍යන්තර දත්ත ගබඩාව වෙත යොමු කොට ඇති බවත් මෙම දෙමුහුන් විකෘති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.