නවතම පුවත්

‘කපනවා නම් කලින්ම කියනවා’ – විදුලි බල මණ්ඩලය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ කල් වේලා ඇතිව කෙටි පණිවිඩයක් හරහා පාරිභෝගිකයින් දැනුවත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

ඊට අමතරව විදුලි කප්පාදුව සිදු කරන වේලාවන් සහ ප්‍රදේශ පිළිබඳව සිය වෙබ් අඩවියේද පළ කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසුවේ .

. කෙසේවෙතත් අද දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.

කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හට ගත් දෝෂයක් සහ ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබා දීම ඉකුත්දා අත්හිටුවීම හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් සිදු කර තිබින .

කෙසේවෙතත් ඒ පිළිබඳ විදුලි පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නැත  පද්ධතියේ යම් බිඳ වැටීමකදී දින කිහිපයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ලබා ගත යුතු වේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා