පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් එම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ (10) ය.
එම ගැසට් නිවේදනයට අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාලය ලබන 2023 වසරේ මාර්තු 19 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.