නවතම පුවත්

ලීට්‍ර‍ෝ ගෑස් පර්යේෂණ ආයතනය මේ වසරේ හම්බන්තොටදී

අසංක

අසංක

ලිට්රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මේ වසර තුළ සිදු කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ලිට්රෝ ගෑස් පර්යන්තය වෙත ගිය අවස්ථාවේදී ය.

මෙරටට පැමිණෙන ගෑස් නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීමට කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය වෙත අද (13) පෙරවරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් පර්යන්තය සතු වේ. ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලැබේ.

ලිට්රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000කි. ඒ සඳහා මාසිකව නෞකා 07කින් ගෑස් රැගෙන එයි.

බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරේ.

අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළෙඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම සිදු කරන බව සමාගම පවසයි.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වෙතැයි සමාගම අපේක්ෂා කරයි.

ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා