නවතම පුවත්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය අද (14) පස්වරුවේ පැවැත්වුණි.

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදු කෙරුණි.

ජනාධිපතිවරයා මහනායක හිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර අගමැතිවරයා උන්වහන්සේට විජිනි පත පිළිගැන්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්වී සිටියේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ද ජනාධිපති අතින් විවෘත කෙරුණි.

නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විණි.

නිවුණු සැනසුණු සමාජයක්, පුරවැසියෙක්, බෞද්ධයෙක් දැකීමට මහනායක හිමිපාණන් වහන්සේ කළ දීර්ඝ කැපකිරීමට බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට පාත්‍ර වන බව උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් දේශ දේශාන්තරවල වැඩම කරමින් උතුම් සම්බුද්ධ දේශනාව, ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ජනතාවගේ හිතසුව පිණිස දේශනා කළ බවත් උන්වහන්සේ මහනායක පදවියට පත්වන්නේ අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරෙහි විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා පැවසීය.

2004 ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් හානි සිදුවූ විහාරස්ථානවල පුස්තකාල ගොඩනැගීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් ලබාදුන් සහය ශාසනයේ පැවැත්මට කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ උන්නතියට හේතුවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් සිහිපත් කළේය.

වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර ඒවා ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා දොඩම්පහල නාහිමියන්ගෙන් නොඅඩුව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමි,

“එක භික්ෂූන් වහන්සේ නමකට ප්‍රශ්නයක් වූණාම මුළු භික්ෂු පරම්පරාවටම චෝදනා කරන රටක් බවට මේ රට පත්වෙලා තියෙනවා. ඒ නිසා තෛනිකායික මහා සංඝරත්නය එකරාශී වී සිටින මේ අවස්ථාවේ මං කියනවා, තුන් නිකායම එකරාශ්‍රීවෙලා ඒ වගේ ප්‍රශ්නයක් ගැටළුවක් ඇති වුණාම ඒවා විසඳගෙන ශාසනයේ ගෞරවය රැකගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම උත්සාහ කරන්න ඕනේ.”

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා