හදිසි වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට, මිලියන 10ක පාඩුවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෘත්තිය සමිති හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 10 ක පමණ පාඩුවක් සිදුව ඇත.

දුම්රිය සමාන්‍යාධිකාරී, ධම්මික ජයසුන්දර මහතා මාධ්‍ය වෙත  පැවසුවේ, ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන් එදින දුම්රියේ ගමන් කිරීම නිසා මෙම පාඩුව මෙලෙස වර්ධනය වී ඇති බවයි ,

පෙරේදා (15) දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්, ඇතැම් දුම්රිය ධාවනය අතරමග ඇනහිටියේ ය.

එම තත්ත්වය තුළ දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්විය.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, වර්ජනය පැවැති දිනවල අතරමග දුම්රිය නවතා මගීන් අපහසුතාවට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.