නවතම පුවත්

කොවිඩ් ගැන අනතුරු ඇඟවූ ‘බිල් ගේට්ස්ගේ අලුත්ම අනාවැකිය මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට ලොව ව්‍යාප්ත වී ඇති COVID-19 හා සැසදීමේදී වඩාත් දරුණු වසංගතයක් අනාගතයේදී ලොව ඇති විය හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස් අනතුරු අගවා සිටියි. ඒ අනුව ලොව පොහොසත් රටවල් දැන් සිටම එම වසංගතය සඳහා එන්නතක් නිපදවීම වෙනුවෙන් අරමුදලක් රැස්කර තැබීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජනපදයේ Coalition for Epidemic Preparedness Innovations (CEP) නම් වසංගතයක් සදහා පෙර සූදානමක් සඳහා වන නවෝත්පාදන වෙනුවෙන් වූ සන්ධානය වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ප්‍රදානයක් සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් බිල් ගේට්ස් මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බිල් ගේට්ස් COVID-19 වසංගතයේ Delta සහ Omicron යන ප්‍රභේද එතෙක් මෙතෙක් ලොව හඳුනාගත් වඩාත් වේගවත් සම්ප්‍රේෂණයක් සහිත වෛරස බව පවසා තිබේ. එසේම ඉදිරියේදී ලෝකයට මීට වඩා දරුණු වෛරසයක් ඇතුළු විය හැකි බවත්, ඒ හරහා මීට වඩා වැඩි පිරිසක් මරණයට පත්කළ හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.ඒ අනුව අනාගත එන්නත් මාත්‍රා නිපදවීම සඳහා එන්නත් පිළිබද පර්යේෂණය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සදහා වන ආයෝජන සිදුකිරීම හරහා වඩාත් වේගයෙන් ලෝකය පුරා එම එන්නත් ලබාදීමේ හැකියාව පවතින බව බිල් ගේට්ස් අදහස වී තිබේ. ඒ අනුව මෙම අනාගත වසංගත ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ලොව රටවල් සූදානමින් සිටීම වැදගත්ය යන්න ඔහු වැඩිදුරටත් පවසයි. “අපි කියන්නේ ට්‍රිලියන ගණනින් සිදුවන ආර්ථික හානි වගේම, බිලියන දස ගණනින් සිදුවන ජීවිත හානි වළක්වා ගන්න දැන් ඉඳන් බිලියන ගණනින් වියදම් කරන්න කියලයි.

එය වඩාත් හොද රක්ෂණ සැලසුමක් වේවි.” ගේට්ස් සදහන් කර තිබේ.මෙම Coalition for Epidemic Preparedness Innovations මගින් මූලික අදියර ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක අරමුදලක් රැස්කිරීම අදහස වී ඇත. ඒ හරහා යම්කිසි වසංගත අවස්ථාවකදී නව චින්නතක් නිපදවීම සදහා ගතවන කාලය දින 100ක් දක්වා කෙටි කිරීම සැලසුම වී තිබේ. 2013 වසරේ සිට 2016 දක්වා ලොව පුරා ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය අවස්ථාවේදී මෙම සන්ධානය පිහිටුවීම සිදුවිය.-

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා