ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට ආපු විදේශිකයින් 160 දෙනෙකු තාම ලංකාවේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට යැයි පවසමින් මෙරටට පැමිණි මුස්ලිම් ජාතික විදේශිකයින් 160 දෙනෙකු පමණ තවදුරටත් මෙරට රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී.

පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවලින් මෙම පිරිස මෙරටට පැමිණ ඇති බවත් වාර්තාවේ.
රාජ්‍ය බුද්ධි අංශයේ සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ලද නිර්දේශ මත පමණක් එවැනි පිරිස් සඳහා වීසා නිකුත් කිරීමට පියවර ගත් බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

ඔවුන් මෙරටට පැමිණ සිදුකරනු ලබන ක්‍රියාවන් අඛණ්ඩව අධ්‍යනය කිරීමේ වගකීම ඔවුන් සම්බන්ධයෙන් නිර්දේශ ලබාදුන් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.