ගහ,කොළ පිරි පරිසරයක , කොරෝනා ව්‍යාප්තිය අඩුයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ බලපෑම මිනිසා ජීවත්වන පරිසර පද්ධතිය අනුව වෙනස් විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි .

ශාක පද්ධතින්ගෙන් සමන්විත පරිසරයක ජීවත් වන පුද්ගලයින් අතර කොරෝනා මරණ වාර්තා වීම අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරන බවයි නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත.

කෙසේවෙතත් ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනයා අතර එම තත්ත්වය හාත්පසින්ම වෙනස් බවයි අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

ශාක පද්ධතින් ආශ්‍රිතව දිවිගෙවන පුද්ගලයින්ට ඔක්සිජන් සැපයුම ඉහළ මට්ටමක පැවතීම කොවිඩ් මරණ ප්‍රමාණය අඩුවීමට බලපා ඇති තවත් හේතුවක් වී තිබෙ

වාතාශ්‍රය හොඳින් ඇති ස්ථානයක සිටී නම් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අඩු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාද මාධ්‍ය වෙත පැවසීය

වායු සමනය කර ඇති ස්ථානවලට සාපේක්ෂව එළිමහනේ සිටීමෙන් කොරෝනා ආසාදනය වීමේ අවදානම අඩු බව ද මෙහිදී ප්‍රකාශ කෙරින