ඔස්ට්‍රේලියා සංචාරයට නම් කළ ක්‍රීඩකයෙක් හා පුහුණුකරුට කොවිඩ්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

එළඹෙන ඕස්ට්‍රේලියා සංචාරය සදහා නම් කර සිටි නුවන් තුෂාර ක්‍රීඩකයා සහ පුහුණුකරු දිල්ෂාන් ෆොන්සේකා කොරෝනා ආසාදිත වී තිබේ.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

කණ්ඩායමේ සාමාජිකයින් සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.

මේ වනවිට නිරෝධයනට යොමුවී ඇති අතර ඔවුන් පෙබරවාරි 10 වනදා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔස්ට්‍රේලියාව සමග 20/20 ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 03 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතය.