හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළයමින් පවතින බව වාර්තා වේ.
පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වූ මිල, වසර 30කදී ලෝක බොර තෙල් වෙළෙඳපොළෙහි වාර්තා වූ වැඩිම මිල ලෙස සඳහන් විය.
ඊට එක හේතුවක් වී ඇත්තේ බොර තෙල් සඳහා ඇති ඉල්ලුම ඉහළයාමය.
ඊයේ බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 91ක් වශයෙනි.
ඒ අනුව ජනවාරි මාසයේදී බොර තෙල් මිල 17%කින් වැඩිවී තිබුණි.
මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ නුදුරේදීම බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ක් දක්වා වැඩිවිය හැකි බවය.
යුක්‍රේන යුද වාතාවරණය, මැද පෙරදිග මතුවෙමින් ඇති අස්ථාවර භාවය සහ දේශගුණික කරුණු හේතුවෙන් බොර තෙල් සඳහා ඇති ඉල්ලුම වැඩිවී ඇති බව සඳහන් විය