අසංක නවරත්න
විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඊයේ කල ඉල්ලීමට අවසර හිමි නොවුවද දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ පස්වරුවේ සහ රාත්‍රී කාලයේ විදුලි කප්පාදු සිදු වූ බව වාර්තා විය.
බොහෝ ප්‍රදේශ වලට ප්‍රදේශවලට පස්වරු වේ ප්‍රදේශ වලට පස්වරුවේ පැයකට අධික කාලයකුත් රාත්‍රී 6.30න් පසු පැයක පමණ කාලයකුත් මෙලෙස විදුලි කප්පාදු වීම් සිදුවිය.
ලක්විජය බලාගාරයේ අලුත් වැඩියා කරන ලද තුන්වෙනි ජනන යන්ත්‍රය යළි අක්‍රීය වීමත් සමග මෙගාවොට් 270ක් ජාතික විදුලි පද්ධතියට අහිමි වීමත් සමඟ අධික විදුලි ඉල්ලුම හේතුවෙන් විදුලි කප්පාදුවක් අපේක්ෂා කෙරෙන බව විදුලිබල මණ්ඩලය ඊයේ පවසා තිබුණි.
පැය දෙකක කාලයක් දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේදී කොටස් 04 ක් ලෙසට බව විදුලිබල මණ්ඩලය උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබුණි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවධාරණය කළේ තාවකාලික විසදුමක් ලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීම අවශ්‍ය නොවන බවයි.
පසුගිය 31 වනදා යථාතත්ත්වයට පත් කෙරුණු නොරච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වී තිබේ.
එම පසුබිම හමුවේ විදුලි කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යෝජනා කර ඇත.
පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල විදුලි ජනනය ද බෙහෙවින් පහත බැස තිබේ.