නවතම පුවත්

ප්‍රශ්නවලින් පලායන්නේ නැහැ , අභියෝග ජයගන්න නායකත්වය දෙනවා !- ජනපති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අභියෝග ඉදිරියේ නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමිනි.

නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී සංවිධානය කර තිබුණි.

“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස අප සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද තිබෙනවා. වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරීම සුදුසු වන්නේ නෑ.”

“රටක් නිසි ලෙස මෙහෙයවීමේදී රටේ සියලුම දෙනාගේ සහය බලාපොරොත්තුවිය නොහැකි බව අපි දන්නවා. වෙනස්විය නොහැකි අය ගැන සිතා අතහැර දැමීමට අපි සූදානම් නෑ.

අනාගතය දෙස සුබවාදීව බලන ධනාත්මක චින්තනයකින් පමණයි අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න පුළුවන්.”

“විවේචන කරන්නට පමණක් පුරුදුවී ඇති අයට අනාගතය ගැන දැක්මක් නෑ. යම් කාරණාවලදී දේශීය මෙන්ම විදේශීය බලවේගත් අපට එරෙහිව සංවිධානය වෙනවා.”

“ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නෙමෙයි. රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වය ලබාදීමටට මම හැමවිටම සූදානම්. ලොක්ය වෙනස් කරන්නේ අනාගතය දෙස සුබවාදීම සිහින දැකපු අයයි.”

“අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ යහපතක් නොවෙයි. ධනාත්මක චින්තනය රට තුළ ගොඩනගන්න ඕනේ.”

“පාසල් අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙක්ම රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි ශිල්පීය ක්‍රමයක් ප්‍රගුණ කිරීමට උත්සාහ කළ යුතුයි.”

“දහදිය හෙලන වැඩකරන ජනතාව රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා.”

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපිට විශාල සම්පතක්. අවශ්‍ය විටදී ඔවුන් රට වෙනුවෙන් පෙරට පැමිණියා.”

“මම ආරාධනා කරනවා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපන් බිමේ ආයෝජනය කරන ලෙස.”

“විචාර බුද්ධියෙන් කටයුතු කරන්න කියා මම මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. දත්ත මත තීන්දු තීරණ ගන්න.”

“මා ලබාදුන් ප්‍රතිඥාව සැමවිටම සුරකිනවා කියා යළිත් මතක් කරනවා.”

“මොනම හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය සිහ එසවීමට ඉඩ තබන්නේ නෑ.”

“මගේ ඉදිරි ධූර කාලය තුළ තිරසාර සංවර්ධනයක් උදෙසා සියලු අරමුණු සැලසුම් කර තිබෙනවා. මට රට භාරගැනීමට සිදුවූයේ ඉතා දුෂ්කර කාලයක් තුළ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්