ලොව පළමු වරට ඔලිම්පික් ගිනිසිළුව රෝබෝවරු දිය යටින් ගෙනයයි

Picture of අසංක

අසංක

ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රෙබෝවරු දෙදෙනෙක් ඔලිම්පික් ගිනි සිළුව දිය යටදී හුවමාරු කර ගැනීම චීනයේ බීජිං නුවර ආරම්භ වුණු ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙලේදී සිදුවිය.

ඔලිම්පික් උද්‍යානයේදී පන්දම් දරන්නා ගිනි සිළුව රොබෝවරයෙකුට භාරදුන් අතර පසුව එම රොබෝවරයා යොංඩිං ගං පතුලේදී තවත් රෙබෝවරයෙකු අත තිබූ ඔලිම්පික් ගිනි සිළුව දැල්වීය.

දියයට මෙසේ ගිනි සිළුව දල්වා තැබීම වෙනුවෙන් විශේෂ දුම් රහිත පරිසර හිතකාමී වායුමය ඉන්ධනයක් භාවිත කිරීමට චීන රජය කටයුතු කර තිබුණි.

දැල්ල දිය යට නොනවත්වා දල්වා තැබීමට උෂ්ණත්වය හා පීඩන වෙනස පවත්වාගැනීම වැනි අභියෝග ජය ගැනීමට මෙහි නිර්මාණකරුවා සමත්වී තිබීම සුවිශේෂී වෙයි.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය සමග පවතින බාධක මධ්‍යයයේ වුවද ලොවක් බලා සිටි ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා තරගාවලිය චීනයේ බීජිං නුවර දී අද ආරම්භ විය.

ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ලොව නන්දෙසින් තරගකරුවන් බීජිං නුවරට මේ වන විට පැමිණ සිටී.

ලොව රටවල් කිහිපයක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් රැසක්ද පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද ඊට සහභාගී වන බව නිවේදනය කර තිබේ.

ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩාවලියට නියෝජනය කිරීම වර්ජනය කරන බව දැනුම් දී ඇත.