කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, පුරුෂයින්ගේ ලිංගික උත්තේජනයට දැඩි බලපෑම් එල්ලවන බ්‍රිතාන්‍යය විශේෂඥයින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී ඇත .
ඒ අනුව ලන්ඩනයේ යුනිවර්සිටි කොල්ජ් හි වෛද්‍ය පර්යේෂකයින් විසින් කොවිඩ් වෛරසයට ආසාදනය වූ රෝගීන් 3,400 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයක් හරහා , , ලිංගේන්ද්‍රයේ හැකිලීම (කුඩාවීමක්) යන දුර්ලභ අතුරු ආබාධයට ලක්වූ පුද්ගලයින් 200 දෙනෙකු හමුවී ඇති බව වාර්තාවේ..
වෛද්‍යවරුන් සඳහන් කරනු ලබන ආකාරයට, මෙවැනි රෝග තත්ත්වයන් සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවයක් ලබා ගත හැකිවනු ඇතිවුවත් මෙම රෝගියාගේ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රුධිර නාල වලට ඇතිවී තිබෙන හානි හේතුවෙන් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට නොහැකිවනු ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අන්තරාසර්ග සෛල වලට හානිවීම හේතුවෙන් ලිංගික උත්තේජනය අඩාලවන බවද මෙහිදී අනාවරණය වී ඇත .
අමෙරිකානු එක්සත් ජනපදය සිදුකල වෛද්‍ය පරීක්ෂනයකදීද මීට සමාන තොරතුරක් අනාවරණය වී ඇත . එරට වෙසෙන පුද්ගලයකුට ඉකුත් වසරේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගේ ශිෂ්ණය අඟල් 1.5ක ප්‍රමාණයකින් හැකිලී යාම සම්බන්ධයෙන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .