“ජෝර්ජ් ක්ලූනිත්” තෙල් ගන්නේ ලංකාවෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝ ප්‍රකට , ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත ඉකුත් 19 දා,  විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබේ .

ඔහු සිය පෞද්ගලික ගුවන් යානය වන බොම්බැඩියර් එක්ස්ප්‍රස් ග්ලෝබල් (Bombardier Express Global ) වර්ගයේ ගුවන් යානයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ එහි කාර්යය මණ්ඩලය මාරු කර ගැනීමටය .

මෙම ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ අවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සැපයීම කෙයා ඒවියේෂන් පෞද්ගලික සමාගම ( Care Aviation Private Limited ) විසින් සිදු කර තිබේ .

මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ලබා දීමෙන් අනතුරුව ගුවන් යානා නව කාර්යය මණ්ඩලය සමග එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ .