ණය ලබාදීමේදී ඉන්දීය රජය කොන්දේසි පැනවූයේ නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිය ඉන්දීය නිල සංචාරය නිමා කර අද පස්වරුවේ යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

මෙම ණය මුදල ලබාදීමේදීඉන්දීය රජය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය . මෙය සාමාන්‍ය ණය මුදලක් බවත් වසර තුනකට පසුව මීට අදාළ ගෙවීම් සිදුකල යුතු බවත් ඒ මහතා පැවසීය

ඖෂධ සහ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය කඩිනමින් ගෙන්වීමට ඉන්දියාවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යොදවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි .

සිය දෙදින ඉන්දීය නිල සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඇතුළු එරට ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය

දෙරටේ ආර්ථික සහයෝගිතාව සම්බන්ධයෙන් එම සාකච්ඡා වලදී විශේෂ අවධානයක් යොමුවූ බවයි වාර්තා වුණේ. කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක හා ධීවර යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙ..