ෆයිසර් එන්නත් තොග, තව මාස හතරකින් “කල් ඉකුත්වේ”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට රට තුළ ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන ජූලි මාසයේදී කල් ඉකුත්වීමට නියමිත බැවින් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ ජනතාවගේ පැමිණීමේ අඩුවක් තිබුණ ද එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය වෙනස් කළ නොහැකි බවයි.

මෙම එන්නතෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවද ඒ මහතා මෙහිදී පැවසීය .