ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා අයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
2020 වසරේදී යෝජනා කෙරුණු ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව සංශෝධනය කර නව අමාත්‍ය කමිටුව පත් කළ යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත. සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් ආර්ථික වර්ධනය සඳහා දේශීය ආයෝජන දිරිමත් කිරීමත් උදෙසා නව අමාත්‍ය කමිටුව පත් කෙරේ.
සාමාජිකයන් දොළොස් දෙනකුගෙන් සමන්විත ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය කමිටුවට සහය වීම සහ අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක්ද පත් කළ යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.