ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් දීමේ අරමුණින් අන්තර්ජාතික බලශක්ති ආයතනය විසින් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ. එමඟින් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙන අතර ලෝක බලශක්ති අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් මේ පියවර අනුගමනය කළ යුතු බවට එම ආයතනය පෙන්වා දී ඇත.
ඒ අනුව සතියට දින තුනක් නිවෙසේ සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීම, අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමීටර් 10කින් අඩු කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම ලාභදායී කිරීම, පා ගමනින් ඇවිදීම සහ පාපැදි දිරිමත් කිරීම, විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර් රථ වෙනුවට විකල්ප යෙදීම, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෝටර් රථ තවත් අය සමඟ බෙදාගැනීම, භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම එම යෝජනාවලිය තුළ අන්තර්ගත වෙයි.
ඊට අමතරව හැකි සෑමවිටම ගුවන් යානා වෙනුවට අධිවේගී සහ රාත්‍රී දුම්රිය භාවිත කිරීම, විකල්ප පවතින ව්‍යාපාරික ගුවන් ගමන්වලින් වැළකීම සහ විද්යුත් හා වඩා කාර්යක්ෂම වාහන භාවිතය දිරිමත් කිරීම ද ඒ අතර වෙයි.