නවතම පුවත්

ඩොලර් හිඟය නිසා තානාපති කාර්යාලත් වැසේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.

මේ නිසා මාර්තු 31 වැනිදා සිට ඉරාකගේ බැග්ඩෑඩ් තානාපති කාර්යාලය, නෝර්වේහි ඔස්ලෝ තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඉරාකය සමග තානාපති සබඳතා ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාලය හරහාත් නෝර්වේ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාලය හරහාත් පවත්වාගෙන යාමටයි තීරණය කර තිබෙන්නේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයද මාර්තු 31 වැනිදා වසා දමන අතර එහි කටයුතු කැන්බරා අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදුවනු ඇත.

මීට පෙරද ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් වසා දැමීමට තීරණය කළේය.

මාර්තු 31 වැනිදායින් පසු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ප්‍රමාණය 60 ක් දක්වා පහත වැටෙන අතර උග්‍ර ඩොලර් අර්බුදය හමුවේ එම දූත සේවාද ක්‍රියාත්මක කිරීම දැඩි අර්බුදයක් වනු ඇත. ඒ අනුව ඉදිරියේදී තවත් දූත මණ්ඩල සේවා රැසක් අත්හිටුවීමට සිදුවනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා