නවතම පුවත්

ආණ්ඩු-විපක්ෂ පක්ෂ 6ක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇතුළු පක්ෂ 6ක් සහභාගි නොවන බවට නිවේදනය කරයි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජනබලවේගය ඊට සහභාගි නොවන බව දන්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ද ඊට සහභාගී නොවන බව පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම සමුළුවට සහභාගි නොවන බවට එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසා ඇත.

පසුගියදා ඇමතිකම් අහිමි වූ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය ද ඊට සහභාගි නොවන බව පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද ඊට සහභාගි නොවන බවට දන්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ඒ පිළිබඳ ප්‍රකාශයක් කර නැත.

සමුළුවට සහභාගි වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා