නවතම පුවත්

රාජ්‍ය වියදම් තවත් සීමා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී රාජ්‍ය වියදම් තවදුරටත් සීමා කිරීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අද පැවසීය . ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්ය

මේ අතර ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය ණය මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ද ණය මුදලක් ලැබී ඇතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. . ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇති බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා