ගනුදෙනු රූබල්වලින් පමණයි ! – රුසියාව යුරෝපයට දන්වයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදුකළ යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. එසේ නොකරන්නේ නම් අදාළ රටවලට සිදුකරන ගෑස් සැපයුම කපාහැරීමට සිදුවන බවයි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ඒ අනුව අද සිට රුසියාවෙන් ගෑස් මිලදී ගන්නා රටවල් රුසියානු බැංකුවල රූබල් ගිණුම් විවෘත කළ යුතුය යනුවෙන් වන නියෝගයකට ද රුසියානු ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයිද වාර්තාවේ.

රුසියාව පුණ්‍ය කටයුතු පදනමින් ව්‍යාපාර කටයුතු සිදුනොකරන බවත්, නිසි පරිදි ගනුදෙණු නොකරන පාර්ශව සමග පවතින ගිවිසුම් අත්හිටුවන බවත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත

යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් බටහිර රටවල් රැසක් රුසියාවට සම්බාධක පනවා තිබෙ. ඒ හේතුවෙන් රූබලයේ අගය වාර්තාගත ලෙස පහත වැටුනු අතර ඊට ප්‍රතිචාර වශයෙනුයි ගෑස් ගනුදෙණුවලදී රූබල් මුදල් ඒකකය භාවිත කළ යුතු බවට රුසියාව සිය ගැනුම්කරුවන්ට දැනුම් දුන්නේ