දම්පත් රණසිංහ / ප්රබෝධා හෙට්ටිආරච්චි
ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කළ වාහන දෙකකට වෙඩි තැබීමෙන් එක අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා තිබේ.
නැනෝ මෝටර් රථයක් පැදවූ බීමතින් රිය පැදවූ අයකු මෙලෙස මියඇත.
තුවාල ලබා ඇත්තේ නීතීඥයෙකි.
කිරිබත්ගොඩ දෙස සිට හුණුපිටිය දෙසටත් එහි ප්රතිවිරුද්ධ දෙසටත් ගමන් ගත් වාහන දෙකකට මෙලෙස වෙඩි තබා ඇත.
හුණුපිටිය දුම්රිය මාර්ගය අසලදී ආරක්ෂක අංශ විසින් මෙම වාහන දෙකට නවතන ලෙස සංඥා කළ ද වාහන දෙකම අණ නොතකා ධාවනය වී තිබේ.
නැනෝ මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයා වෙඩි වැදීමෙන් පසුවද මීටර් 200ක් පමණ වාහනය ධාවනය වී ඇත.
මොවුන් දෙදෙනාම සිංහල ජාතිකයන් දෙදෙනෙකි.