“ඉදිරි දිනවලදී හැමෝම සංයමයෙන් වැඩකළ යුතුයි” – අමෙරිකානු තානාපතිනි

Picture of අසංක

අසංක

ඉදිරි දිනවලදී මෙරට සෑම පාර්ශ්වයක්ම සංයමයෙන් ක්‍රියා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

ඇය ට්විටර් සටහනකින් පවසා ඇත්තේ සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට ද අයිතියක් ඇති බවය.

කෙසේවෙතත් මෙහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද ඇය පවසා ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය උදෙසා අත්‍යවශ්‍ය දෙයක් වන සාමකාමීව විරෝධතා දැක්වීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් තිබේ. පවතින තත්ත්වය මම සමීපව නිරීක්ෂණය කරමින් සිටිමි. ඉදිරි දිනවලදී සෑම පැත්තකින්ම සංයමයකින් ක්‍රියාකරනු ඇතැයි මම අපේක්ෂා කරමි. එමෙන්ම අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන ගෙන එනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි.” යැයි ද ජූලි චන්ග් කියාසිටියි.