නවතම පුවත්

සති දෙකකට වරක් ඉන්ධන මිල ඉහල යන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මිල සූත්‍රයට අනුව අද අළුයම සිට මිල සංශෝධනය කර තිබෙනවා.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සති දෙකෙන් දෙකට හෝ මසකට වරක් හෝ මිල සූත්‍රයට අනුව මිල ගැලපුම් සිදු කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව සති දෙකකට වරක් හෝ අවම වශයෙන් මසකට වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇත.

පසුගිය දින 03 තුළදී පමණක් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1044 කට ඩීසල් හා පෙට්‍රල් වර්ග දෙකම සපයා ඇති බවයි ඇමතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ. නාගරික ප්‍රදේශවල පිරවුම්හල් සඳහා අවම වශයෙන් දින දෙකකට වරක් හෝ ඉන්ධන සපයන බවද ඔහු පවසනවා.

කෙතරම් දැනුම්දීම් සිදු කළද ඉන්ධන අවභාවිතා කිරීම් තවදුරටත් සිදුවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ ත්‍රිරෝද රථ, යතුරුපැදි ආදිය යළිත් යළිත් පෝලිම්වල රැඳී සිටිමින් ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කරන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව විජේසේකර මහතා පවසනවා.

මේ අතර නීතිවිරෝධී ලෙස ගබඩා කරගෙන සිටි ඉන්ධන ලීටර් 600 ක් මාතර ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වී ඇති බවද විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කරයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි