බැසිල් රාජ්‍ය පාලනයෙන් සමුගනී

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

ඔහු පවසන්නේ අද සිට රාජ්‍ය පාලනයේ කිසිදු දෙයකට තමා සම්බන්ධ නොවන ‍අතර තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවයි.

“දැන් මම පාර්ලිමේන්තුවට මම අයිති නෑ කියලා. මම මගේ උපරිම ශක්තියෙන් වැඩකළා. සුදුසු පුද්ගලයෙක් පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට ගේන්න ඉඩදෙන්න මම ඉවත් වෙන බව දැනුම් දෙන්න කැමතියි.”