රමේෂ් වරල්ලෙගම
ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ආරක්ෂක අංශ ක්‍රියාමාර්ගයට විරුද්ධවන අන්තවාදී පුද්ගලයන්ගේ ක්‍රියාමාර්ග හෙලිකොප්ටර් යොදාගෙන දිවා රාත්‍රි දෙකෙහිම ගුවනින් නිරික්ෂණය කොට ඡායාරූපගත කිරීමට පියවරගෙන ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲෆ් කපිතාන් ගිහාන් සෙනවිරත්න පවසයි.
අන්තවාදී පුද්ගලයන්ගේ ඡායාරූප සාක්ෂි වශයෙන් යොදාගෙන එම පුද්ගලයන්හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව හෙතම කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්දුයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කළේය. එහිදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲෆ් කපිතාන් ගිහාන් සෙනවිරත්න මෙසේ ද කීවේය.
කඩාකප්පල්කාරි ක්‍රියාවන් සිදුකරනු ලබන ස්ථානයන්ට අපගේ හෙලිකොප්ටර් යානාවන් යොදාගෙන එම ක්‍රියාවන් මර්දනය කිරීම සදහා භට පිරිස් ඉතා ඉක්මනින් එම ස්ථාන කරා දිවා රෑ දෙකෙහිම ප්‍රවාහනය කිරීමටත් ගුවන් හමුදාව කටයුතු කරනවා.
රටේ සාමාන්‍ය ජන ජීවිතය යතා තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක අංශ කැපවී සිටින අවස්ථාවක සැක කටයුතු දෑ පිළිබදව දැනුම්දෙමින් අදාල බලධාරින් දැනුවත් කරන්නැයි හෙතම මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.