ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව ලබන 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ප්‍රකාශ කළා. ඒ, අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බවවාර්තාවේ . ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිවයිනේ ඇතැම් ස්ථානවල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවද වාර්තාවේ..
මේ අතර පොසොන් පොහොයට පෙර දින එනම් ජූනි 13 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කළා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා ද එදින නිවාඩු දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.