සීනි, පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයකට පාලන මිලක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11 කට පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. එම ආහාර ද්‍රව්‍ය වන්නේ  සීනි, පරිප්පු, පාන්පිටි, බී ලූණු, අර්තාපල්, ටින් මාලු, කිරිපිටි, වියළි හාල්මැස්සන්, වියළි මිරිස් සහ කඩල යි. ප්‍රධාන වශයෙන් පළමුව සීනි සහ පරිප්පු සඳහා පාලන මිලක් පැනවීමටයි අවධානය යොමුව ඇත්තේ. එම තීරණය ගෙන ඇත්තේ දිනෙන්දින ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමේ අරමුණින්. 

මේ වනවිට වෙළඳපලේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. සහල් කිලෝවක මිල රුපියල් 250 කට ආසන්න වෙමින් ඇති අතර සීනි කිලෝවක මිල රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් අවසන්. පරිප්පු කිලෝවක මිල රුපියල් 600 ඉක්මවා ගොස් තිබෙනවා. කිරිපිටි වෙළඳපලේ අලෙවි නොවන තරම්. වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1,800 ක් පමණ වන වනවා. 

මේ අතර දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා. එම නියෝගය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන බවයි එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක සඳහන් කළේ.

 ඒ අනුව කිසිදු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිල ඉක්මවා වෙළදාම් කිරීම, සැපයීම, වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා.