මන්නාරම් ව්‍යාපෘතිය ගැන කී දේ ජනපති ප්‍රතික්ෂේප කරයි – ලංවිම සභාපති සමාව අයදී

Picture of අසංක

අසංක

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීම ය.

ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යවශ්‍ය වී ඇති මේ අවස්ථාවේදී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේදී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් ලංවිම සභාපතිවරයා පසුව තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදිමින්, කමිටුවේදී ඒ මොහොතේ එල්ල වූ පීඩනය හේතුවෙන් තමා හැඟීම්බර වූ නිසා පාලයකින් තොරව කරන ලද ප්‍රකාශයක් ලෙස පවසා ඇත.