වසර පහක් යනතුරුවත්, ජීවන රටාවන් වෙනස් කරගන්න වෙනවා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටතුළ වර්ධනය වෙමින් ඇති අර්බුධකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා තාවකාලික වශයෙන් නොව අවම වශයෙන් වසර 04 ක හෝ 05 ක කාලයක්  සුපුරුදු ජීවන රටාව වෙනස් කර ගැනීමට සියලුදෙනාට සිදුවන බව විද්වතුන් පවසයි .

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මාධ්‍ය වෙත සඳහන් කළේ මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් ඉවත් වී අනවශ්‍ය වියදම් අඩුකර ගැනීම මෙවන් කාලසීමාවක අත්‍යවශ්‍ය වන බවයි. 

ඉදිරිය ඉතාම අවිනිශ්චිත බැවින් ඊට මුහුණදීම සඳහා කුටුම්භ වශයෙන් හෝ තනි පුද්ගලයින් වශයෙන් ඉතිරි කිරීමක් පවත්වාගෙන යාම ද වඩා වැදගත් වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.