ළමා ශ්‍රමිකයින් වැඩිවීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ උද්ගතවී ඇති ආර්ථික සහ සමාජයීය තත්ත්වය හමුවේ ළමා ශ්‍රමිකයින් වැඩිවශයෙන් යොදාගැනීමේ හැකියාවක් ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. අදට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ළමා රක්ෂක අධිකාරිය මේ බව සඳහන් කළා.

මෙලෙස ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ.
එලස ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.