නවතම පුවත්

කැසිනෝ විධිමත් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙරට කැසිනෝ කර්මාන්තය නියාමනට සඳහා 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත සහ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත මගින් විධිවිධාන පනවා ඇති අතර, 2010 අංක 17 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙනයෑමට බලපත්‍ර දිය යුතු වේ.

එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන් මේ දක්වා එම පනත යටතේ කිසිඳු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කර නොමැති බැවින් දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු අයකරගැනීමට අපහසු වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වේ.

එබැවින් එවැනි ව්‍යාපාර නියාමනය කිරීමේ සහ රජයට අය විය යුතු බදු නියමිත පරිදි අයකරගැනීමේ අරමුණින් 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීමටත් පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි