දම්පත් රණසිංහ
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාර මාලාවක් සූදානම් කරමින් සිටි තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශ නායක මොහොමඩ් මිල්හාන් නොහොත් අබුසීල රැගෙන ඒමට සෞදියට ගොස් සිටි රහස් පොලීසියේ විශේෂ කණ්ඩායම හිස් අතින් යළි මෙරටට පැමිණ තිබේ.
ඊට හේතුවී ඇත්තේ සැකකරු මෙරට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට භාරදීමට එරට රජය ප්‍රතික්ෂේප කිරීමයි.
එරට විමර්ශන සඳහා ඔහු අවශ්‍ය බව පවසමින් සෞදි රජය රහස් පොලිීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
වව්නියාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි තැබූ වෙඩික්කරු මෙන්ම කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට වෙඩි තැබූ පුද්ගලයා ද මොහුයි.