සිය මුදල් මණ්ඩලය යටතට ගෙන ඇති ද ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවත් මාස 3කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (15) සිට මාස 3ක කාලයක් මෙය ක්‍රියාත්මකය.
මේ යටතේ මහබැංකු විසින් ඉදිරිපත් කර ඇති නියාමන ක්‍රියාවලිය හේතුවෙන් නව තැන්පතු භාරගැනීම අත්හිටුවීම, තැන්පතු ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්රදානය අත්හිටුවීම ද තවත් මාස 3ක කාලයක් සදහා බලපැවැත්වෙනු ඇත.
කෙසේනමුත් තැන්පතුකරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම ශ්‍රී ලංකා මහබැංකුවේ විධානයන්ට අනුව අඛණ්ඩව සිදුකෙරෙන බව ද මහබැංකුව නිවේදනය කර සිටියි.
මේ පිළිබද වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112-477573 / 0112-477229 / 0112-477504 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.
එසේ නැතහොත් යන ඊ-මේල් ලිපිනය ඔස්සේ ද සම්බන්ධ විය හැක.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි