නවතම පුවත්

ලබන මාසේ අලුත් අයවැයක්

අසංක

අසංක

ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබන මාසයේදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු ද අවසන් කර ඇතැයි හෙතෙම කියාසිටී.

පාර්ලිමේන්තුව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට විෂය භාර අමාත්‍යවරුන් විසින්ම පිළිතුරු සැපයිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සර්වපාක්ෂික එකගතාවක් අත්‍යවශ්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින බව ද අමාත්‍යවරයා කියාසිටියේ ය.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ යම් වෙනස්කම් සඳහා ද අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කෙරෙන බව ද සඳහන් ය.

අඛණ්ඩව ඉන්ධන සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශන කමිටුවක් පත් තිබෙන අතර මේ මාසය අවසන් වනවිට ගෑස් පෝලිම් නිමා වනු ඇත.

කේත ක්‍රමයට ඉන්ධන ලබාදීමේ විද්‍යුත් වැඩසටහනද සඳහා ලක්ෂ 40 ක් දැනටමත් ලියාපදිංචි වී ඇතැයි ද ඔහු කීවේය.

රටේ දේශපාලන හා සමාජ ආර්ථික අර්බුද පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේදිී දීර්ඝව සාකච්ඡා කෙරුනු බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්