දිවයිනේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වශයෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්ව තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබේ. 1968 වර්ෂයේදී තරඟ විභාගයකින් ශ්‍රී ලංකා පොලිස් සේවයට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස එක්වූ වික්‍රමරත්න මහතා තිස්වසරක් පුරාවට ශ්‍රී ලංකාව ගිලගෙන තිබූ සිවිල් යුද්ධයේ අවසන් තීරණාත්මක කාලසීමාවේ එනම් 2008 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පතිවරයා ලෙස පත්විණි. එම කාලසීමාවේ මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමන් තුල වූ කැපවීමට කෘතවේදීත්වය පිරිනමමින් 2009 දී කැලණිය විශ්වවිද්‍යාලය මගින් එතුමන් වෙත ගෞරව ආචාර්ය පදවියක් ද පිරිණමන ලදි.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතරුව ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස සහ අල්ලස් හා දූෂණ විමර්ශන ස්වාධීන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසද, කාන්තා හා ළමා කටයුතු අධිකාරියේ සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
2017 වර්ෂයේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමට අධ්‍යක්ෂක වරයෙකු ලෙස එක්වන මේ මහතා එහි හිටපු සභාපති ටී.කරුණාසේන මහතා 2022.06.01 වන දින විශ්‍රාම ගැනීමත් සමඟ සමාගමෙහි සභාපතිවරයා ලෙස පත්විය. කොළඹ, කොල්ලුපිටියේ පිහිටි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදි පැවැති චාම් උත්සවයකදී ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගිය දිනෙක වික්‍රමරත්න මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික, සාමාජිකාවන් සහ කාර්යය මණ්ඩලයද එක්ව සිටියහ.
නවතම පුවත්
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් නව සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්වෙයි.
- August 3, 2022
- 5:28 pm
පැතුම් වික්‍රමරත්න
No posts found